දර්ශනය සහ මෙහෙවර
![]() |
දර්ශනය ආර්ථික හා සාමජයීය වශයෙන් තිරසාර කුඩා තේ වතු අංශයක් බිහි කිරීම. මෙහෙවර විශිෂ්ඨතම උපකාරක සේවා සැපයීම තුලින් කුඩා තේ ඉඩම් අංශයේ ඵලදායිතාවය සහ ගුණාත්මය වර්ධනය කිරීම. |
ආයතනය සැකෙවින්
|
1975 අංක 35 දරන පනත යටතේ 1977 පෙබරවාරි මස 01 දින කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය (කු.තේ.ව.සං.අ) ස්ථාපනය කරන ලදි. කුඩා තේ වතු සංවර්ධන සමිති පිහිටුවිම හා ලියාපදිංචි කිරීම සඳහා 1991 අංක 38 දරන පනතද, මෙම සමිති වෙත නෛතික පුද්ගල භාවය ලබා දිම සඳහා 1997 අංක 21 දරන පනතද පසුව නීතිගත කරන ලදී. මුල් පනත සඳහා සංශෝධන ඇතුලත් කරමින් 2003 අංක 34 දරන පනත බල ගන්වා ඇත. රටේ කුඩා තේ වතු සංවර්ධනය සඳහා ලද එකම රාජ්‍ය ආයතනය ලෙස නිෂ්පාදනය ඉහළ නැංවිම, අලෙවි කටයුතු, ඵලදායිතාව ඉහළ නැංවිමට සහ කුඩා තේ වතු හිමියන්ගේ අභාවෘද්ධිය සඳහා කටයුතු කිරීම ආයතනයෙහි අරමුණු වේ. ආයතනික සේවා සැපයුම් ව්‍යූහයෙහි පහතින්ම, බිම් මට්ටමෙහි පවතින ඒකකය වනුයේ තේ පරික්ෂක / ව්‍යාප්ති නිලධාරි කොට්ඨාශයයි. ප්‍රාදේශික අටක පිහිටි උප කාර්යාල 26 කින් සමන්විත උප කාර්යාලීය ව්‍යූහයෙහි සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙවන් සේවා කොට්ඨාශ 147 තේ වගා කරන ප්‍රදේශය තුල දැනට ක්‍රියාත්මක වේ. ප්‍රාදේශීය කාර්යාල, ජාතික මට්ටමේ පිහිටි ප්‍රධාන කාර්යාලය මගින් මෙහෙයවීම හා අධීක්ෂණය කරනු ලැබේ. |
ආයතනයෙහි බිම් මටටමේ සේවා සැපයීම සඳහා කුඩා තේ වතු සංවර්ධන සමිති පද්ධතිය විශාල වශයෙන් සහාය වේ. මෙම සමිති පද්ධතියෙහිද ආයතනයටම සමාන ව්‍යූහාත්මක ධුරාවලියක් ඇති අතර ආයතනයට සමාන්තරව ක්‍රියාත්ම වේ. |
අවසන් යාවත්කාලීන කිරීම ( 2017 ජූලි 26 වෙනි බදාදා, 04:58 )