There are no translations available.

මගේ තේ ඉඩමේ අදාල පියවරේ කටයුතු අවසන් කළපසු කොපමණ කලකින් සහනාධාර මුදල් ලබාගත හැකිද ?

මාස 1½ කින් පමණ.

වැඩිකල සහනාධාර මුදල් එම මුදල වැඩිකල දිනට ප්‍රථම  ලබාගත් අවසර පත්‍රවලට අදාලද?

නැත. 2011.01.01 දිනට පසුව නිකුත් කළ අවසර පත්‍ර සදහා පමණක් වලංගු වේ.

තේ පොහොර සහනාධාර නොමේරැ තේ වගාවට ලබා දෙනවාද?

නැත.

අධිකාරිය මගින් වාණිජ තේ තවාන් සදහා ලබාදෙන පහසුකම් මොනවාද?

පහසුකම් අතරින් මූලිකම වන්නේ තවාන් පරීක්ෂා කිරීමේදී අපගේ තේ පරීක්ෂක/ව්‍යාප්ති නිලධාරීන් විසින් ‍නොමිලේ ලබාදෙන තාක්ෂණික උපදෙස් හා පුහුණු වැඩ සටහන්. මෙයට අමතරව එම පරීක්ෂණ ක්‍රියාවලිය තුලම පැල සහතික කිරීමක්ද සිදු කරනවා. එසේ සහතික කළ පැල අලෙවිය සදහාද අපේ සහාය ලබාගත හැකියි. එතුලින් හොද ගුණාත්මයෙන් යුතු පැලවලට හොද මිළක් ලබාගත හැකියි. තවද තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරී මගින් ඉල්ලුම් කිරීමෙන් තවානට අවශ්‍ය නව තේ ප්‍රභේදවල රිකිලි හා වෙනත් යෙදවුම් ආදිය පහසු මිළට ලබාගන්න පුඵවන්.

සමිති සාමාජිකයන්ගේ දූ දreවන්හට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ  හෝ තේ ශක්ති අරමුදලේ ‍‍‍‍ රැකියා පහසුකම් ලබාදීමේ වැඩ පිළිවෙලක් තිබෙනවාද ?

දැනට එවැනි වැඩ පිළිවෙලක් නැත.

දලු කඩන අවස්ථාවේදී මගේ තේ වගාවට යෙදිය යුතු පොහොර වර්ගය කුමක්ද?

දලු නෙලීම ආරම්භ කරන අවස්ථාවේදී (තුන්වන වසරේ පමණ) සිට පළමු කප්පාදුව තෙක් ටී.750 පොහොර වර්ගය භාවිතා කළ යුතයි. ඉන්පසු දලු නෙලන මේre තේ වගාවට නිර්දේශිත පොහොර වර්ග යෙදිය යුතුයි. මේ සදහා දැනට භාවිතා කරන්නේ තේ පර්යේෂණායතනයේ අතුre නිර්දේශයක් විදියට නියමිත යූ.ටී.397 හා යූ.ටී.752 යන මිශ්‍රණ දෙකයි. මෙයින් යූ.ටී. 397 මිශ්‍රණය අඩු අස්වැන්නක් සහිත තේ වගාව සදහාත් නිර්දේශිතයි. මෙයට අමතරව යොදන පොහොරවල නියමිත ප්‍රතිඵල ලබා ගැනීමට නම් තේ වගාව සදහා නිර්දේශිත පරිදි ඩොලමයිට් හා සින්ක් සල්පේට් යෙදීම අත්‍යවශ්‍යයි.

දලු නෙලීමේදී ඒ සදහා භාවිතා කළහැකි වඩාත් ඵලදායී නව තාක්ෂණික උපකරණය කමක්ද?

කුඩා තේ ඉඩම් සදහාද දලු නෙලීමේදී භාවිතා කළ හැකි වඩාත්ම ඵලදායී නව තාක්ෂණික උපකරණය තේ පර්යේෂණායතනය විසින් හදුන්වා දී ඇති අතින් ක්‍රියා කරවන තෝරා දලු නෙලනයයි. යාන්ත්‍රික ව ක්‍රියාත්මක වන දලු නෙලනයන් වෙළදපොලෙහි ඇති නමුත් මෙම යන්ත්‍ර සමහරවිට කුඩා තේ ඉඩම් මට්ටම‍ට නොගැලපෙන අතර, නෙලන දලුවල ගුණාත්මය ආරක්ෂා කර ගැනීමත් ගැටඵ සහගත විය හැකියි. එසේම මෙවන් යන්ත්‍රවල මිළද සංසන්දනාත්මකව ඉතා අධිකයි.

මගේ ඉඩමේ සිටවිය යුතු තේ පැල වර්ගය කුමක්ද?

හොද ප්‍රතිඵල ලබාගැනීමට නම් තේ පර්යේෂණායතනය විසින් නිර්දේශිත තේ ප්‍රභේදයක බදුන් ගතකළ පැල (බෑග් පැල) සිටවිය යුතුයි. මෙම ප්‍රභේද ඒ ඒ ප්‍රදේශයට ගැලපෙන ලෙස නිර්දේශ කර ඇති අතර, ඒ අනුව උචිත ප්‍රභේදයක් තෝරා ගත යුතයි. මේ අතරිනුත් අස්වැන්න පමණක්ම නොතකා තමන්ගේ ඉඩමේ තත්ත්වයට ගැලපෙන හා
බලාපොරොත්තු විය හැකි රෝග හා පලිබෝධ තත්ත්වයට ඔරොත්තු දෙන ප්‍රභේදයක් තෝරා ගැනීම ඉතාමත් වැදගත්. වඩාත් උචිත ‍තේ ප්‍රභේදය තෝරා ගැනීම සදහා ඔබට ප්‍රදේශයේ තේ පරීක්ෂක/ව්‍යාප්ති නිලධාරී මහතාගේ සහාය ලබා ගත හැකියි.

තේ වගාවට වැළදෙන රෝග පිළිබද විස්තර:

තේ වගාවට වැළදෙන රෝග අතරින් සුදු බුබුඵ අංගමාරය, කඵ අංගමාරය සහ කද හා අතු පිළිකා වැනි රෝග ආර්ථික වශයෙන් ඉතා වැදගත්. කෙසේ වෙතත් මෙම රෝග වැළදුනු පසු සුව කරනාවාට වඩා වළක්වා ගැනීම ඉතා වැදගත්. මේ සදහා සෑමවිටම වගාව තුල යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කළ යුතුයි. රෝග පිළිබද තොරතුරැ පූර්ණ වශයෙන් සීමිත ඉඩකඩක් තුල සැපයිය නොහැකි හෙයින් මෙම වෙබ් අඩවියේම ඇතුළත් කර ඇති තාක්ෂණික ප්‍රකාශන බැලීමෙන් හා ප්‍රදේශයේ තේ පරීක්ෂක/ව්‍යාප්ති නිලධාරී විමසීමෙන් ඔබට අවශ්‍ය තොරතුරැ ලබාගත හැකියි.

පසේ කාබනික තත්වය දියුණුකර ගන්නේ කෙසේද?

පසේ කාබනික තත්වය දියුණු කර ගැනීම සදහා නිරන්තරව පසට කාබනික ද්‍රව්‍ය එක් කල යුතුයි. මේ සදහා මූලිකවම නැවත වගා කරන ඉඩමක් නම් නිර්දේශිත තෘණ වර්ගයක් වගා කොට නියමිත කාල සීමාව තුල හොදින් නඩත්තු කිරීමත්, වරින් වර කපා පසට එකතු කිරීමත් කල යුතුයි. ඒ වගේම තේ වගාව තුල නිර්දේශිත පරිදි සෙවන/කොල
පොහොර බෝග වගා කිරීමත් අත්‍යවශ්‍යයි. මේවා මගින් පත්‍ර පොළව මතට වැටීමෙන් මෙන්ම වරින් වර අතු පෑහීම මගිනුත් පොලවට කාබනික ද්‍රව්‍ය එකතු වෙනවා. පිටින් කොම්පොස්ට් වැනි ද්‍රව්‍ය ඉඩමට යෙදීම කරන්න පුඵවන් වුනත් එසේ කිරීම ප්‍රායෝගිකව අපහසු විය හැකියි. ඒ නිසා වසුන් යෙදිම, කප්පාදු කොටස් වැලලීම වැනි පසට කාබනික ද්‍රව්‍ය එකතුවන යහපතa කෘෂිකාර්මික පිළිවෙතa අනුගමනය කිරීමත් ඉතාමත් වැදගත්.

පසේ කාබනික තත්ත්වය දියුණු කර ගැනීමෙන් තේ ගොවියාට අත්වන වාසි මොනවාද?

මූලික වශයෙන් තේ වගාවට තිරසාර ලෙස දිර්ඝ කාලයක් ප්‍රතිඵල ලබාගැනීමට නම් පසේ කාබනික තත්වය හොද මට්ටමක තිබෙන්න ඕනෑ. පසේ කාබනික තත්ත්වය හොද මට්ටමක ‍තිබෙනවා නම් ජලය රදවා ගැනීම හොදින් සිදු වෙනවා. මෙ මගින් හොද අස්වැන්නක් ලබා ගත හැකි වගේම නියං තත්ත්වයන්ට ඔරොත්තු දීමත් වැඩි වෙනවා. ඒ
වගේම යොදන පොහොර පසේ රදවා ගෙන ගසට ලබාදීම තුලින් පොහොර අපතේ යාම වළක්වා ගෙන යොදන පොහොරවලට හොද ප්‍රතිඵල ලබාගන්න පුඵවනි. කාබනික ද්‍රව්‍ය පසේ තිබෙනවිට පසේ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය වැඩිවීම තුලිනුත් පෝෂණ තත්ත්වයන් දියුණු වෙනවා. එසේම හොද කාබනික තත්ත්වයන් පවත්වා ගැනීමෙන් සමහර පලිබෝධ තත්ත්වයනුත් වළක්වා ගන්න පුඵවනි.

අශ්වකෙදි අංගමාරය/කඵ කෙදි අංගමාරය පාලනය කරන්නේ කෙසේද?

අශ්වකෙදි අංගමාරය හෝ කඵ කෙදි අංගමාරය ලෙසින් හැදින්වෙන්නේ දිලීරයක් හා තේ ගස අතර ඇතිවන සම්බන්ධතාවයක් මගින් ඇතිවන තත්ත්වයක්. මෙය පාලනය කිරීමට නම් පළමු කප්පාදුවෙහි සිටම පදුරෙහි මනා සෞඛ්‍ය තත්ත්වයන් පවත්වාගෙන යාම ඉතා වැදගත්. කප්පාදුවට පසු හැකි සෑම විටකම ගසේ ඇති දිලීර තන්තු (කෙදි) අතින් ඉවත් කර දැමීමට උනන්දු විය යුතුයි. කප්පාදුවට පසු තේ ගසේ රාමුවට දිය ගැසූ හුණු (හුණු කිලෝ 10 ක් වතුර ලීටර් 50 ක දියකර) ඉසීමත් වැදගත්. රෝගී තත්ත්වය පාලනය කිරීමට උපකාරී වන මනා සෙවන පාලනය, ජල වහනය දියුණු කිරීම වැනි යහපතත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අමතරව අත්‍යවශ්‍ය අවස්ථා වලදි තඹ අඩංගු දිලීර නාශකයක් (ග්‍රෑම් 20) හෝ සංස්ථානික දිලීර නාශකයක් (මි.ලි 10) ජලය ලීටර 10 ක දිhකල මිශ්‍රණයක් කදේ රාමුව තෙත්වන ලෙස ඉසීම කළ යුතුයි.

මගේ තේ ඉඩම විධිමත්ව කප්පාදු කරන්නේ කෙසේද?

තේ වගාව විධිමත්ව කප්පාදු කිරීම වගේ කරැණක් මේ වගේ අවකාශයකින් සරලව විස්තර කරන්න අපහසුයි. මූලික වශයෙන් තේ වගාව නිර්දේශිත කාලයට‍, නිර්දේශිත ක්‍රමයට තේ වගාවේ පැවැත්ම තහවුරe වන ලෙස කිරීම අවශ්‍යයි. ඒ සදහා අවශ්‍ය උපදෙස් මෙම වෙබ් අඩවියේම ඇතුළත් කර ඇති අපගේ තාක්ෂණික ප්‍රකාශන බැලීමෙන්
ලබා ගන්න පුඵවනි.

විද්‍යානුකූලව දලු නෙලීම හා දලු ඇසිරීම යනු කුමක්ද?

හොද තේ නිෂ්පාදනයක් සදහා මූලික වශයෙන්ම වැදගත් වන්නේ කර්මාන්තශාලාව වෙත නොමේre, නොතැඵණු තේ දඵ ලැබිමයි. විද්‍යානුකූලව දඵ නෙලීම හා ඇසිරීම වැදගත් වන්නේ ඒ නිසා. විස්තරාත්මක වශයෙන් මෙම අවකාශයේ තොරතුre ලබාදෙන්න අපහසු වුනත් විද්‍යානුකුලව දලු නෙලීම යනුවෙන් අදහස් කරන්නේ තේ දලුවල
වර්ධන රටාවට අනුව ගසට හානියක්නොවන ලෙස හා නිරන්තර හා උපරිම අස්වන්නක් ලබාගත හැකි ලෙස හොද මට්ටමේ ඇති දඵ තෝරා නෙලා ගැනිමයි. නෙලාගත් දඵ කර්මාන්තශාලාවට ගෙන යන තෙක් හානියට පාත්‍රනොවී තබා ගැනීම සදහා උචිත ඇසුreමක, උචිත බරක් අසුරන්න ඕනෑ. මේ පිළිබදව විස්තරත් මෙම වෙබ් අඩවියේම ඇති තාක්ෂණික ප්‍රකාශන වලින් ලබා ගන්න පුඵවනි.

ඇල්ගී රෝගය පාලනය කරන්නේ කෙසේද?

ඇල්ගී රෝගය ලෙස හැදින්වූවත් මෙම තත්ත්වය ඇති වෙන්නේ ඇල්ගී සහ දිලීර සංකීර්ණයක් මගින් ඇතිවන ලයිකන වශයෙන් හදුන්වන දේහ හේතුවෙන් මූලික වශයෙන් මෙය සීඝ්‍රයෙන් පැතිරෙන තත්ත්වයක් නොවන ආසාදනයකදී රසායනික ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍ය මෙම තත්වය තඹ අඩංගු දිලීර නාශක ග්‍රෑම් 25 ක් වතුර ලිටර 10 ක දියකර idod ගන්නා මිශ්‍රණයකින් ලීටර 170 ක් පමණ හෙක්ටයාරයක බිම් ප්‍රමාණයකට යෙදීමෙන් හෝ ගෙන්දගම් ග්‍රෑම් 22.5 ක් වතුර ලීටර 4.5 ක දියකර ගත් මිශ්‍රණයකින් ලීටර 900 ක් හෙක්ටයාරයකට ඉසීමෙන් පාලනය කර ගන්න පුඵවනි.